කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

ජූලි 25, 2019

    අද රාත්‍රී 8.00 සිට හෙට පෙරවරු 10.00 දක්වා, පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජලය සපයන ප්‍රධාන නල මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන්.

    ඒ අනූව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල,ඇතුල්කෝට්ටේ,ඔබේසේකරපුර,බණ්ඩාරනායකපුර හා රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගයේ ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ජූලි 2019 14:07

    Latest News