පසුගිය රජයේ පෞද්ගලිකරණයෙන් වැසුණු බණ්ඩාරවත්ත තේ කම්හල යළි පණ ලබයි

අගෝ 16, 2019

    වසර 11 වසාදමා තිබු ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ බණ්ඩරපොල තේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ඊයේ (15) නැවත ආරම්භ කෙරිණ.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රජය සමයේ පෞද්ගලික සමාගමකට බදු දීමෙන් පසු නැවත එය පවරා ගැනිම 2017 වසරේදි සිදුකළේය.

    2006 වසරේ සිට වසර 2017 දක්වා වසා දමා තිබු තේ කාර්මාන්ත ශාලාව නැවත තේ නිශ්පාදන ආරම්භ කර දේශීය හා විදේශීය වෙළද පල වෙත ඇල්කඩුව තේ නමින් ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇත. ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති නාලක දේවීන්ද මඩවල මහතාගේ අතින් කාර්මාන්ත ශාලාවේ නිෂ්පාදන නැවත ආරම්භ කෙරිණ.
    නැවත නිෂ්පාදන ආරම්භ කිරිමෙන් පසු දෛනික තේ කිලෝ 5000 ක් පමණ කාර්මාන්ත ශාලාවට ලැබෙන අතර එය ඉදිරියේදි කිලෝ 10000 දක්වා වැඩි කිරිමට සැලසුම් කර ඇත.

    ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ බණ්ඩරපොල තේ කර්මාන්ත ශාලාව 1934 වසරේ ආරම්භ කරනු ලැබුවක්. ඇල්කඩුව වැවිලි සමාගම වැවිලි කාර්මාන්ත අමාත්‍යංශයට අයත් රාජ්‍ය සමාගවක් වන අතර එයට තේ හෙක්ටයාර් 2500 පමණ බිම් ප්‍රමාණයක් අයත් වේ.

    tea1

    tea3

    Tea4

    tea5

    tea8

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 12:02

    Latest News