රජයේ සංවර්ධන ඉලක්කයට විපක්ෂයෙන් විකෘතියක්

ජූලි 24, 2019

    රටේ සංවර්ධන අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීම සඳහා මුල්‍ය විනයක් ඇති කිරිමට රජය ගත් ක්‍රියා මාර්ගය විපක්ෂය විසින් විකෘර්ති කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දීප් සමරසිංහ මහතා පවසයි. 2019 වර්ෂයේ ප‍්‍රාග්ධන වියදම්වලින් සියයට 15 ක් ඉතිරි කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් අය වැය චක‍්‍රලේඛ 14/2019 මගින් අරමුණ වු බව ඔහු පෙන්වා දුනි. රජය ප්‍රාග්ධන වියදම් කප්පාදු කරමින් කටයුතු කරන බවට විපක්ෂය අසත්‍ය කරුණු සමාජගත කරමින් සිටින බව ඔහු අවධාරනය කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දීත් සමරසිංහ මහතා අදහස් දක්වමින්......

    රජයේ විසින් උපාධිධාරින් 20,000 කට අලුතින් රැකියා ලබාදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ විපක්ෂය විසින් අසත්‍ය කරුණු සමාජ ගතකරමින් සිටිනවා. ඔවුන් පවසන ආකරයට රැකියා විරහිත උපාධිධාරින් 80,000 ක් නැහැ. ඒහෙම සංඛ්‍යා ලේඛණයක් තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. රජය විසින් පසුගිය කාලය තුළ උපධිධාරින්ට රැකියා 4000 ක් පමණ ලබා දුන්නා. ඒළඹෙන අගෝස්තු 01 දා සිට තවත් 16,000 කට රැකියා ලබා දෙනවා.

    බහාලුම් මඟින් ඒවැනි අප ද්‍රව්‍ය ලංකාවට ගෙන ඒමට අවශ්‍ය පසුබිම සැකසීම මෙන්ම මීට ඉහත දී වියට්නාමයෙන් ගම්මිරිස් ගෙන්වා ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස ප‍්‍රති අපනයනය කළ ජාවාරම්කරුවන් අපගේ ගම්මිරිස් වෙළඳපල විනාශකරන ලද්දේ ද මෙම ගැසට් පත‍්‍රයේ ප‍්‍රතිපාදන උපයෝගී කරගනිමිනි.

    මෙම ගැසට් පත‍්‍රය තුලින් සිදුව ඇත්තේ නීත්‍යානුකූල වෙළඳාමට පහසුකම් සලසනවා වෙනුවට අපගේ රටත්, ජනතාවත්, ආර්ථිකයත්, පාරිසරික පද්ධතියත් විනාශ කිරීම සඳහා ජාවාරම්කරුවන්ට ඉඩකඩ විවෘත කිරීමයි. මෙම බලය ලැබෙන්නෙ මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා වශයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුව බව ඉතාම පැහැදිලිවෙනවා. මෙය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙනවා.

    ඩී.ඒස්. සේනානයක මැතිතුමාගේ කාලයේ පටන් ඒක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගොවි ජනපද ව්‍යාපාර, මහවැලි ව්‍යාපාර මඟින් ජනතාව වෙත ඉඩම් ලබාදුන්නා. පසුගිය කාලයක් තුළ විවිධ නම්වලින් රජයේ ඉඩම් වගා කිරීමට ජනතාවට ලබා දුන්නත් ඒ්වා ජනතාවට අයිතියක් ලැබෙන ආකාරයේ නෛතික පදනමක් නැහැ. ඒ නිසා ඒම ජනතාවට විවිධ අවස්ථාවන්හි මහත් පීඩාවන්ට පත්වුණා. ඒ නිසා තමයි මෙම රජය මෙම නව ඉඩම් ඔප්පු ලාබාදීමේ වැඩපිළිවෙළත් ඒවා විධිමත් අයුරින් ලබාදීම සඳහා නව ඉඩම් විශේෂ විධිවිධාන පනත ගෙනඒමට කටයුතු කරමින් තිබෙන්නේ යැයි සන්දීත් සමරසිංහ මන්ත්‍රීවරයා කියා සිටියේය.

    Last modified on බදාදා, 24 ජූලි 2019 20:01

    Latest News