පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන්ගේ තොරතුරු දුන් ලොරි හිමිකරුට මුදල් ත්‍යාගයක් (වීඩියෝ)

ජූලි 23, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ වූ ත්‍රස්තවාදී කණ්ඩායම ගැන තොරතුරු සැපයූ නිට්ටඹුවේ ලොරි රථ හිමිකරුට රුපියල් ලක්ෂ 50ක ත්‍යාගයක් ලබාදීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

    එම තොරතුරු මත 2019.04.26 දින සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ නිවසක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවූ අතර ඔහු විසින් ලබා දුන් අනෙක් තොරතුරු මත එදිනම සමන්තුරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකිවිය.

    එම පුද්ගලයා විසින් පොලීසියට සාර්ථක තොරතුරු දෙකක් සැපයීම හේතුවෙන් මෙම මුදල ඔහු වෙත ප්‍රදානය කෙරෙන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on බදාදා, 24 ජූලි 2019 12:52

    Latest News