දෙහිවලින් මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී 2ක් මරුට

ජූලි 23, 2019

    දෙහිවල මුහුදු තීරයෙන් ධීවර කර්මාන්තය සඳහා මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු රැගත් බෝට්ටුව දෙහිවල කඩමත්ත ප්‍රදේශයේ දී අනතුරට ලක්වීම නිසා ⁣දෙදෙනෙකු මියගොස් තිබේ.

    තවත් ධීවරයෙක් රෝහල් ගත කෙරිණ. එම සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ විශාල රළක් පැමිණීමෙන් බෝට්ටුව පෙරළී ධීවරයින් අනතුරට ලක්වූ බවයි. එම අවස්ථාවේ ක්ෂණික ව ක්‍රියාත්මකවී බේරා ගැනීමට කටයුතු කළ නමුත් ඒ වන විට බෝට්ටුවද සමග දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.


    අතුරුදන්වූ දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ රාත්‍රී රත්මලාන දුම්රිය පොල ආසන්නයට ගොඩ ගසා තිබේ. අනෙක් පුද්ගලයාගේ සිරුර අද ගල්කිස්ස ප්‍රදේශයට ගොඩ ගසා තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙම ධීවරයන් පවසන්නේ වාරකන් කාලය තුළදී මෙසේ එම ගල් පරයේ වැදීමෙන් විශාල පිරිසක් මේ වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බවයි. වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය මගින් ක්‍රියාත්මකයි.

     

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 16:21

    Latest News