එජාප නායකත්වයට පත්වෙනවාද? නැද්ද සජිත් මාධ්‍යයට කියයි (වීඩියෝ)

ජූලි 22, 2019

    නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරු බැහැ දුටුවා.

    බෞද්ධ සිද්ධස්ථාන නඟා සිටුවීම සඳහා, ඉටුවිය යුතු කාර්ය පිළිබඳව කරුණු සාකච්ජා කර උපදෙස් ලබා ගැනීම හමුවේ අරමුණයි. පළමුව මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍යවරයා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දුටුවේය. අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන් ඇතුළු සංඝරත්නය සමඟ ද සාකච්ජා පැවැත්විය.

    ඉදිරියේ දී පක්‍ෂයේ නායකත්වය ලබාගැනීමට සූදානම් දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා....

    “ඒවා තීන්දු තීරණ කරන මණ්ඩල තියනවනේ. සජිත් ප්‍රේමදාස තනියම තීන්දු කරන දේවල් නෙමෙයිනේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය ප්‍රාදේශීය සභා, නගර සභා, මන්ත්‍රී මණ්ඩල ඒ හැම මණ්ඩලයක්ම කියන්නේ මහජන නියෝජිතයෝ වැඩි ප්‍රමාණයක් ඉන්න මණ්ඩල. සමහර විට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මහජන නියෝජිත නොවන කොට්ඨාසයකුත් හැම මණ්ඩලයකම මහජන නියෝජිතයින් සිටිනවා. ඉතිං ඒ අය තීන්දු කරයි, මොකක්ද සුදුසු? මොකක්ද නුසුදුසු කියලා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සදුදා, 22 ජූලි 2019 20:14

    Latest News