කැළිකසල ආනයනයට එරෙහි නීති ඉල්ලා පෙත්සමක්

ජූලි 22, 2019

    විදේශවල සිට අපද්‍රව්‍ය සහ කැලිකසල ආනයනය තහනම් කිරීමේ නීති සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් පනවන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් අද ඉදිරිපත් කෙරිණ.

    පරිසර යුක්ති කේන්ද්‍රය පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    කැලිකසල විදේශයක සිට ආනයනය කිරීම නීති විරෝධී බව පෙන්වා දෙන අතර ආනයනය කරුවන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට බලධාරීන් කටයුතු කර නොමැති බවට චෝදනා ඉදිරිපත්ව ඇත.

    විදේශ වල සිට කසල ආනයනය කිරීම තුලින් මෙරට පරිසර පද්ධතියට විශාල අගතියක් මෙන්ම මහජන සෞඛ්‍යයට හානියක් සිදුවන බව පෙත්සම්කරුවන් පෙන්වා දේ.

    Latest News