මැදියමේ ලෙඩ වූ තැපැල් සේවකයන් වැඩවර්ජනයක...

ජූලි 22, 2019

    දිවයිනේ සියලුම තැපැල් සේවකයින් අද (21) මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කර යළි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තිරණය කර තිබේ.

    බඳවා ගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මීට පෙර එළඹි එකඟතා ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කරන බව,ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටිය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම් සභාව මේ වන විට ක්‍රමවේදයක් යෝජනාකර ඇති බව ද ඔහු කියා සිටියි. ඒ සඳහා තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළකර ඇති අතර එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන තෙක් ලැබී නොමැති බව ඔහු ජාතික රූපවාහිනියට ප්‍රකාශ කළේය.

    තැපැල් සේවකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී විසඳුමක් ලබා ගැනීමට බලාපොරොත්තුවන බව
    විෂයභාර අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

    මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් පසුගියදා (16) ප.ව 4.00ට වැඩවර්ජනය ආරම්භ කළ වර්ජනය පැය 48ක කාලයක් එය ක්‍රියාත්මක කෙරිණ. මෙම ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දිවයින පුරා තැපැල් වර්ජනයක ක්‍රියාත්මක කරන බව, ප්‍රකාශ කළේය.

    Last modified on සදුදා, 22 ජූලි 2019 07:32

    Latest News