අඟුණකොළපැලැස්ස 1000කට සමෘද්ධි හිමිකම්පත්

ජූලි 21, 2019

    අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දහසකට අධික පිරිසකට සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කෙරිණ.

    ඒ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. හයලක්ෂයකට නව සමෘද්ධි හිමිකම්පත් පිරිනැමීමේ වැඩසටහන යටතේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 1,168කට එම හිමිකම්පත් ප්‍රදානය කෙරිණ. ඒ අලුතින් "හිතමු - දිරියෙන් නැගිටිමු" තේමාව යටතේ.


    මේ අතර, ඇඹිලිපිටිය,සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 20කට ද නව සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කෙරිණ. ඒ නියොජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්.

     

     

    Last modified on ඉරිදා, 21 ජූලි 2019 10:05

    Latest News