කෝටියකට අධික රන් බිස්කට් 48ක් රේගු භාරයට

නොවැ 16, 2018

    මුම්බායි සිට මෙරටට පැමිණි ගුවන් මගින් තිදෙනෙක් සතුව තිබී රත්රන් බිස්කට් 48ක් සොයාගැනීමට කටුනායක රේගුව සමත්ව තිබේ.

    අදාළ සැකකරු හරිත මාර්ගය ඔස්සේ පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. රත්රත්වල බර ග්‍රෑම් 2,400ක්.

    ඒවායේ වටිනාකම එක්කෝටි දාහතර ලක්ෂයක්. අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 48, 46 සහ 44 වියේ පසුවන්නන්.

    ව්‍යාපාරික කටයුතු සඳහා යන මුවාවෙනුයි, මෙම රත්රන් තොගය නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබෙන්නේ.

    Latest News