දියේ ගිලුණ 06 ක් නාවික හමුදාව බේරා ගනී

ජූලි 15, 2019

    කළුතර, කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

    මොවුන් කළුතර, කැලිඩෝ මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර, දියේ ගිලෙන බව නිරීක්‍ෂණය කළ ප්‍රදේශවාසින් ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නිරත නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයේ (4RU) නාවිකයින් දැනුවත් කර ඇත.

    ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික සෙබලුන් දියේ ගිලෙමින් සිටි පිරිස බේරා ගැනීමට සමත් වූ අතර, බේරා ගනු පුද්ගලයින් අවුරුදු 24 ත් 30 ත් අතර වයස් වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවන්වේ. දිවයින වටා පිහිටි වෙරළ තීරයන්හි සුන්දරත්වය විද ගැනීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් පැය 24 පුරා යෙදවිමට නාවික හමුදාව කටයුතු කර ඇත.

    Latest News