රන්ජිත් අලුවිහාරේ - අපේ පක්ෂයෙන් හොඳ අශ්වයෙක්: පොදු අපේක්ෂකයෝ නැහැ

ජූලි 15, 2019

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තිරණය කරන පුද්ගලයා ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

    ජනාධිපතිවරණය තව මාස එකහමාරකින් ප්‍රකාශයට පත් කරනු ඇති බව ද ඔහු කියා සිටියේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ ( 14) මාතලේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්

    රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් පිරිම නිමිත්තෙන් “සාභිමානි අභීනන්දන“දශක තුනක දේශපාලන ප්‍රවේශය නමින් වු වැඩසටහන් මාලාවක් මාතලේ දිස්ත්‍රික්කය කෙන්ද්‍ර කරගෙන පැවැත්විමට නියමිත අතර ඒ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරිමක් ඊයේ පැවැත්විණ.

    වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා,

    "අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට හොද අශ්වයෙක් දානවා. දිනන්න පුළුවන් කෙනෙක්. ඒ නායක රනිල් වික්‍රමසිංහද සජිත් ප්‍රේමදාස ද කරු ජයසුරියද යන්න පිළිබදව යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් පක්ෂයක් ලෙස අපි එක තින්දුවකට එනවා. පොදු විපක්ෂය කවුරු දැම්මත් දිනන්න පුළුවන් කෙනා ඉන්නේ අිපේ පැත්තේ. වර්තමනාය වන විට රජයේ ඉදිරි ගමන කඩාකප්පල් කිරිමට විවිධ විශ්වාසභංග යෝජනා ගේනවා.

    අපි ඒ සියල්ල පරාජය කරනවා. මේ රජය ශක්තිමත්ව ඉදිරියට යන එක කාටවත් වලක්වන්න බැහැ. පසුගිය දින 52 පැවති කාලය මේ රටේ අදුරුතම යුගය බවට පත් වුණා. සියලු සංවර්ධන කටයුතු ඇණ හිටියා. මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් මේ වසර පහ තුළ රුපියල් ලක්ෂ අසුදහසක පමණ මුදලක් අපි යොදවා වසර 20කට පසු දැවැන්ත සංවර්ධන කටයුතු සිදු කරනවා.

    ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් තමයි අපි ඉදිරිපත් කරන්නේ. වත්මන් විපක්ෂ නායන මහින්ද රාජපක්ෂ මහතා මිට වඩා වගකමින් කටයුතු කළ යුතුයි. ඔහු පරිණත දේශාලනඥයෙක්. ආණ්ඩුවකට වසර පහකට බලය ජනතාව දුන්නානම් ඒ බලය පාවිච්චිකරමින් ඔවුන්ට වැඩ කිරිමට ඉඩ දිය යුතුයි."

    Latest News