කොළඹ මාර්ග කිහිපයක් හෙට වැසේ (වීඩියෝ)

ජූලි 13, 2019

    කුරුඳුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක හෙට (14) දිනයේ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

    ඒ අනූව, හෙට උදෑසන 06.00 සිට දහවල් 12.00 දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති. නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව සංවිධානය කරන මෝටර් රථවලින් තොර කලාපය “CAR FREE ZONE”වැඩසටහන හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

    ඒ අනුව ග්‍රීන් පාත් මාර්ගය, කන්නන්ගර මාවත, නිදහස් මාවත, මේට්ලන්ඩ් චන්ද්‍රවංකය, ශ්‍රී ලංකා පදනම් මාවත සහ මාකස් ප්‍රනාන්දු මාවත යන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති. මාර්ග වසා තැබෙන කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 21:31

    Latest News