කිංග්ස්බරි බෝම්බකරු ගැන අධිකරණයෙන් තීන්දුවක්

ජූලි 10, 2019

    කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් ස්වයංඝාතක ‍බෝම්බකරු බව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද තීන්දු කළේය.

    බෝම්බ ප්‍රහාරය වු ස්නයේ තිබි සොයාගත් බෝම්බකරුගේ හිස කොටස සහ බෝම්බකරුගේ දියණිය සමග සිදු කළ ඩී එන් ඒ පරීක්ෂනයෙන් එම හිස් කඹල බෝම්බකරුගේ බවට අධිකරණයට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තාවක් මගින් බාරදී තිබේ. එම වාර්තාවට අනුව බෝම්බකරු එම ස්ථානයේ පුපුරුවා හැරිමෙන් මියගිය අය වන බවට තමන් තීරණය තරන බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

    ස්වයංඝාතක බෝම්බරුගේ නිවස පරීක්ෂා කිරිමේ දී අත්අඩංගුවට ගත් ලේඛන වලට අනුව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් දින 90ක් රඳවා ප්‍රශ්න කරන බවත් රහස් පොලිසිය අධිකරණයට අද දැනුම් දී තිබේ.

    මේ වන විට සිද්ධියට අදාළව විමර්ශන සිදු කරන බව රහස් පොලිසිය කියා සිටි අතර දුරකතන විස්තර සහ ගිණුම් වාර්තා වලට අනුව තවදුරටත් විමර්ශන සිදු කරන බව කියා සිටියේය. එ අනුව දුරකතන විස්තර වාර්තා සුරක්ෂතව තබන ලෙස අදාළ සමාගම් වලට නියෝගයක් නිකුත් කරන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන සිදුකර සැප්තැම්බර් 18 වනදා අධිකරණයට වාර්තා කිරිමට නියෝග කළේය.

    Latest News