වීරගුල දිරිය කතුන්ට අත්වැලක්..

ජූලි 06, 2019

    කාන්තා ව්‍යවසායකත්වය හා ව්‍යවසායකත්ව ගම්මාන සංවර්ධන වැඩසටහනක් ගම්පහ වීරගුල ප්‍රදේශයේ දී සිදු කෙරිණ.

    හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපදෙස් පරිදි ජාතික ශිල්ප සභාව මගිනුයි, මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ.

    මේ යටතේ වීරගුල මැටි භාණ්ඩ නිෂ්පාදන ගම්මානය රුපියල් ලක්ෂ 63කින් සංවර්ධනය කෙරේ. එම ගම්මානයේ මැටි කර්මාන්තයේ නියුතු පවුල් සංඛ්‍යාව 40ක ශිල්පීන් 140 දෙනෙක් මෙම මැටි කර්මාන්තයේ නිරත වෙයි. මෙහි පළමු අදියර යටතේ ජාතික මෝස්තර මධ්‍යස්ථානය මගින් මෝස්තර හඳුන්වාදීමේ වැඩසටහනක් පවත්වා තිබේ.

    මෙහි දී මෙම කර්මාන්ත ශිල්පීන් සඳහා වැඩමුළු, පෝරණු මඩු, ඉදිකිරීම් සඳහා ද්‍රව්‍යමය ආධාර ලබාදීම ද සිදු කෙරිණ. මෙහි දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මාධ්‍ය අමතා අදහස් පළ කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 11:30

    Latest News