සංචාරක ප්‍රවර්ධනයට අත්සන් තැබේ

ජූනි 30, 2019

    ද්විපාර්ශවික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව හා තායිලන්තය එකඟ වී තිබේ.

    ඊට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා කොළඹදී අත්සන් තැබූහ. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් හා තායිලන්ත සංචාරක අධිකාරියේ ආසියා හා දකුණු ෆැසිපික් කලාපයේ වෙළෙඳාම පිළිබඳ නියෝජ්‍ය ආණ්ඩුකාර චතන් කුන්ජාරා ආයුද්‍යා යන මහත්වරුන් ඊට අත්සන් තැබූහ. අමාත්‍ය ජෝන් අමරතුංග හා ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති චූලාමනී චාතුස්වාන් යන මහත්ම, මහත්මීන් ද ඊට එක්වූහ.

    ඉකුත් වසරේදී ශ්‍රී ලාංකිකයන් 65,000ක පිරිසක් තායිලන්තයේ සංචාරය කර තිබේ. එය මේ වසරේ දී 73,000 දක්වා ඉහළ යනු ඇති බව අපේක්‍ෂා කෙරේ. ඉකුත් වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියන 2.4ක් වන අතර ඉන් දස දහසක් තායිලන්ත සංචාරකයින්වීම විශේෂත්වයකි.

    Latest News