දුම්රිය වර්ජනය නිමයි - සීමාව පැන්නොත් නීතිය තදින්

ජූනි 29, 2019

    දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කළ පැය 24ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් විය.

    ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි පාලක මැදිරිය පැවසුවේ. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය ඉකුත් දා කටයුතු කළා. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ වෘත්තිය සමිති සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් ඉදිරියේ දී දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 08:42

    Latest News