මිලියන 26ක ස්වර්ණාභරණ රේගු දැලේ (වීඩියෝ)

ජූනි 29, 2019

    නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 26ක වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සිංගප්පූරු ජාතික යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

    කිලෝ ග්‍රෑම් 4යි ග්‍රෑම් 850ක බරින් යුත් මේවා මොවුන් ඇඳ සිටි කළිසම්වල සාක්කුවල සඟවාගෙන පැමිණ තිබේ.
    එරට ප්‍රධාන පෙලේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවන් වන මෙම යුවළ වයස අවුරුදු 55 හා 45 වයස්වල පසුවන්නන්. මෙම වසර තුළ අවස්ථා හතකදී මෙම යුවළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි රේගුව ප්‍රකාශ කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 29 ජූනි 2019 19:37

    Latest News