කොහුවල - ගැටඹේ ගුවන් පාලම් හදන්න හංගේරියාව සමඟ ගිවිසුමක්

ජූනි 26, 2019

    කොහුවල හා ගැටඹේ ප්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය මූල්‍ය සහය ලබාගැනීමට හංගේරියානු රජය සමග ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

    ඒ අනූව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන යුරෝ මිලියන 52ක සහන ණය මුදලක් හංගේරියානු අපනයන ආනයන බැංකු වෙතින් ලබා ගැනීමට නියමිතයි.

    මගී ජනතාව සඳහා වඩා වේගවත් හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් කොහුවල හා ගැටඹේ යන ප්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්කරු සමග වාණිජ ගිවිසුමකට එළඹීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.

    Latest News