මෙරට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම යටතේ හංගේරියාවේ එක්සීම් බැංකුව හරහා සහන මුල්‍ය සහයෝගීතා ගිවිසුමකට එළඹ ඇත.

රටේ හදවත බඳු කොළඹ නගරයේ වාහන තදබදය වැළක්වීමට ගුවන් පාලම් දෙකක් ඉදිකිරීමට මහා මාර්ග ඇමතිගෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

කොහුවල හා ගැටඹේ ප්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීම් කටයුතුවලට අවශ්‍ය මූල්‍ය සහය ලබාගැනීමට හංගේරියානු රජය සමග ගිවිසුමකට එළඹීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

කොහුවල සහ පේරාදෙණිය - ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව ගුවන් පාලම් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Latest News