කිලිනොච්චි අනතුරෙන් තුවාල ලැබූ තවත් සෙබලෙක් මිය යයි

ජූනි 26, 2019

    කිලිනොච්චි යුද හමුදා රෝහලට අයත් ට්‍රක් රථයක්, කිලිනොච්චි 55 හන්දියේ දී යාල්දේවි දුම්රියේ ගැටී සිදුවූ අනතුරෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි තවත් හමුදා සෙබෙලෙකු මියගොස් තිබේ.

    මේ වන විට අනතුරින් මියගිය ගණන් 6ක්. බලපතල තුවාල ලබා සිටින තවත් සෙබලෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කිලිනොච්චි රෝහලෙන් යාපනය රෝහලට මාරුකර යවා තිබේ.
    අනතුර සිදුවුයේ ඊයේ පස්වරු 1.45ට පමණ. ඒ, සෙබෙලුන් රැගත් ට්‍රක් රථය ජලය රැගෙන ඒම සඳහා කිලිනොච්චි නගරය දෙසට යමින් සිටියදී. එම අවස්ථාවේ දී ට්‍රක් රථය තුළ යුද හමුදා සෙබළුන් 7 දෙනෙකු ගමන් කර තිබිණ.

    Last modified on බදාදා, 26 ජූනි 2019 09:05

    Latest News