මෙම වැඩසටහන යටතේ මේ වන විට කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතීන්වලට අමතරව ජාතික මාර්ග ජාලයේ මුත්තෙට්ටුගල දුම්රිය හරස් මාර්ගය සහ හිරිපිටිය හන්දිය ,පස්යාල මංසංධිය ,මීගමුව මරියෙස්ටෙලා මං සන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිවල ඇති වන මාර්ග තදබදය අවම කිරීමට එම ස්ථාන වල ගුවන් පාලම් 04 ක් ඉදිකිරීමට මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.