තේ ටොන් 10 ක් අඩි 50 ක ප්‍රපාතයකට

ජූනි 20, 2019


    ඩයගම සිට කොළඹ දක්වා තේ වෙන්දේසිය සදහා තේ කොළ ප්‍රවහනය කරමින් තිබු කන්ටේනර් ලොරියක් ප්‍රපාතයකට පෙරලි තිබේ.

    අද (20) අලුයම 5 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදිය. අනතුරෙන් කන්ටෙයිනර් රථයේ රියදුරා සහ රිය සහයකයා සුළු තුවාල ලබා ඇත. කන්ටේනර් රථය අනතුරට පත් වන අවස්තාවේ ඒ තුළ තේ ටොන් 10 තිබු බව පොලිසිය පවසයි.

    ගිනිගත්හේන ප්‍රදේශයේ පවතින දැඩි අයහපත් කාලගුණය සමග කන්ටෙනර් රථයේ තිරිංග ක්‍රියා විරහිත වි රියදුරාගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 පමණ ප්‍රපාතයට පෙරලි තිබේ. කන්ටේනර් රථය පෙරලිමෙන් වටවල සිට ගිනිගත්හේන ජල සම්පාදක මණ්ඩලය දක්වා ජලය රැගෙන යන ජල නලයකටද හානි සිදු වි ඇත.

    teaconteiner1 px 900 19 06

    teaconteiner px 900 19 06 2

    Latest News