තවුහිත් ජමාත් සමාජිකයා එළියට ගන්න OICට අල්ලස් දුන් සැකකරුට ඇප

ජූනි 18, 2019

    අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    ඒ අනුව අදාළ සැකකරු රුපියල් 15000/- ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ හතර බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේ.

    අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 10 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින සැකකරුට අධිකරණ හමුවේ පෙනී සිටින මෙන් ද නියෝග කළේය. මෙම සෑකකරුට ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරයා ඉකුත් නඩු දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අදාළ සැකකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 12:52

    Latest News