යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දිනක වැටුපෙන් ‘අපේක්‍ෂා’ රෝහලට පරිත්‍යාගයක්

ජූනි 18, 2019

    යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දිනක වැටුප් පරිත්‍යාගයෙන් මිළදී ගත් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර 02 ක් ඊයේ (17) මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහලට භාරදෙනු ලැබිණ.

    අල්ට්‍රාසවුන්ඩ් ස්කෑනර් යන්ත්‍රය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා වෙත භාරදීම සිදුවිය.

    යුද හමුදා සාමාජිකයින්ගේ දිනක වැටුපෙන් එකතු වු මුදල රුපියල් මිලියන 8.2 ක වටිනාකමකි. එම මුදල් යොදාගනීමින් මෙම ස්කෑනර් යන්ත්‍ර මිලදී ගනු ලැබිණ.

    අල්ට්රා සවුන්ඩ් ස්කෑන් හෝ සොනෝග්‍රැෆි ක්‍රමවේදයන් වඩාත් ආරක්‍ෂාකාරී වන අතර සාම්ප්‍රදායික විකිරණ ක්‍රමවේදයන් වෙනුවට ශබ්ද තරංග හෝ දෝංකාරය භාවිතා කරමින් රූපයක් මැවීමට මෙම යන්ත්‍ර මගින් සිදුවේ. අල්ට්රා සවුන්ඩ් ස්කෑන් භාවියෙන් අක්මාව, හෘදය, වකුගඩු හෝ උදරයේ ඇතිවන සංකූලතාවයන් හඳුනාගත හැකිවේ.

    ස්කෑනර් යන්ත්‍ර භාරදීමේ උත්සවයේදී, අදහස් දැක්වු ‘අපේක්ෂා’ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය වසන්ත දිසනායක මහතා කියා සිටියේ “දිනක් ආනන්ද විද්‍යාලයේ හිටපු පාසල් මිතුරෙකු වූ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මුණගැසුණු විට පිළිකා රෝගීන්ගේ හා විශේෂයෙන් කුඩා දරුවන්ගේ දුක් වේදනා සමනය කිරීම සඳහා යුද්ධ හමුදාවට යමක් කළ හැකිදැයි යුද්ධ හමුදාධිපතිතුමන් විමසා සිටි බවයි. “මගේ පරණ මිතුරෙකු වන යුද්ධ හමුදාධිපතිතුමන් ඉන් අනතුරුව, පිළිකා රෝගීන්ගේ යහපත උදෙසා මෙම ස්කෑනර් යන්ත්‍ර මිලදීගැනීමට පොරොන්දු වූවා” යැයි ඔහු කියා සිටියේය.

    altrasoundscaner px 900 19

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 13:55

    Latest News