අනුරපුර බැතිමතුන්ට ආරක්ෂාවට නාවික හමුදාව සීරුවෙන්

ජූනි 18, 2019

    අනුරාධපුර පූජා නගරයට පොසොන් කලාප නැරඹීමට හා සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදා සහන කණ්ඩායම් රැස්ක ක්‍රියාත්මකයි.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ බසවක්කුලම, මහකන්දරාව, නාච්චාදූව, විලච්චිය, රාජාංගණය ජලාශ හා නුවරවැව, තිසාවැව,බළළුවැව හා ජයගඟ ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජීවිත ආරක්ෂක කණ්ඩායම් 12ක් මීට යොදවා තිබේ.

    බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ජීවිත ආරක්ෂක යාත්‍රා සූදානම්ව තබා ඇති අතර, හදිසි අවස්ථාවක දී යෙදවීමට නාවික ගිලන් රථයක් සමග වෛද්‍ය සහායක නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් හානාවකි කිමිඳුම් කණ්ඩායමක් ද අනුරාධපුර නගරයේ ස්ථානගත කර තිබේ. එම කණ්ඩායම් සමග සම්බන්ධීකරණයට මෙහෙයුම් මැදිරි දෙකක් පිහිටුවා තිබේ. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා යුද හමුදා 21 වැනි සේනානංකය තුළයි.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 07:23

    Latest News