අගුණුකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන්ට පහරදීමේ පෙත්සම සැප්: 09

ජූනි 17, 2019

    අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට නිලධාරීන් පහරදීමේ සිද්ධියට පූර්ණ පරීක්ෂණයක් පවත්වන මෙන් පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලු රිට් පෙත්සමක් සැප්තැම්බර් මස 09වනදා සැලකා බැලීමට කැඳවන මෙන් අභියාචනාධිකරණය නියම කළේය.

    සිරකරුවන් සුරැකීමේ ව්‍යාපාරයේ සුදේශ් නන්දිමාල් ද සිල්වා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිය.

    අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් පිරිසක් එහි නිලධාරීන් පිරිසක් විසින් දැඩි ලෙස පහරදී අමානුෂික වධ හිංසාවලට බඳුන් කළ බව පෙත්සම්කරුවන් කියා සිටි. ඒ පිළිබඳව තමන් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ ද මේ දක්වා ස්වාධීන පරීක්ෂණයක් සිදුවී නොමැති බවයි පෙත්සම්කරුවන් පෙන්වා දේ.  මේ හේතුවෙන් අදාළ සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

     

     

     

     

     

     

    Latest News