බලංගොඩ ෆේස්බුක් සාදයේ කුඩුත් එක්ක 51කට මාංචු

ජූනි 17, 2019

    බලංගොඩ - බෙලිහුල්ඔය ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග 51 දෙනෙක් අත්අඩංගුවට ගන තිබේ.

    වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව. සැකකරුවන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම්160ක්, කොකේන් මිලිග්‍රෑම් 300ක්, අයිස් මිලිග්‍රෑම් 50ක් හා මත්පෙති රැසක් සොයා ගැනිණ. සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා සුරාබදු අධිකාරියේ රත්නපුර කාර්යාලය වෙත භාරදී තිබේ.

     

     

    Last modified on සදුදා, 17 ජූනි 2019 11:44

    Latest News