රට සාමකාමී; සැකයක් නැතිව පොසොන් පෝයට පන්සල් යන්න - ශවේන්ද්‍ර සිල්වා

ජූනි 15, 2019

    මේ රටේ සාමකාමී පරිසරයක් ඇති කර තිබෙන බැවින් ශ්‍රී ලංකාවාසී ජනතාව ඉතා වැදගත් දිනයක් වන පොසොන් උත්සවය සැමරීම සඳහා පන්සල් විහාරස්ථානවලට ගොස් බෞද්ධ කටයුතුවල නියැලෙස ලෙසට යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී, මේජර් ජනරාල් ශ‍්‍රවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    ඒ මහතා මේ අදහස් පල කළේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනගිය බලංගොඩ ආනන්ද මෛත‍්‍රී මහානාහිමිපාණන් වහන්සේගේ 21 වෙනි ගුණානුස්මරණ උත්සවයට සමගාමීව පැවති උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ අවස්ථාවට එක්විමිණි. එම පිංකම බලංගොඩ ආනන්ද මෛත‍්‍රීය නාහිමියන් වහන්සේ වැඩ විසූ උඩමුල්ල ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ මේජර් ජෙනරාල්වරයා ......

    "වසර 30 ක කාලයක් පැවති යුද්ධය අවසන් කර යලිත් වසර 10 කට පසු ත‍්‍රස්ත‍්‍රවාදීන් කිහිප දෙනෙකු විසින් එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර කිහිපයක් නිසා මෙරට ජනතාව ආගම අදහන ස්ථානවලට යෑමට තරම් භීතියකට පත් වෙලා සිටියා. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාව ශ්‍රී ලංකා පොලීසිය ඉතා කෙටි කලකින් එම තත්වය වෙනස් කර සාමකාමී පරිසරයක් ඇති කරන්න කටයුතු කළා. වසර 30 යුද්ධයක් අවසන් කළ ත්‍රිවිධ හමුදාවත් පොලීසියක් සිටින මේ රටේ රණවිරුවන්ට හැකියාව ලැබුණා නැවත වතාවක් මේ රටේ සාමය පවත්වාගෙන යන්න. " යැයි ප්‍රකාශ කළේය.

    අනතුරුව යුධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජනරාල් ශ‍්‍රවේන්ද්‍ර සිල්වා මහතා බලංගොඩ උඩුමුල්ල ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ තිබෙන ආනන්ද මෛත‍්‍රීය නාහිමියන් වහන්සේ පරිශීලනය කළ ඉතා පැරණි පොත්පත්වලින් ආරක්ෂිතව තිබෙන පුස්තකාලයද නිරීක්ෂණ කළ අතර උන් වහන්සේ විසින් භාවිතා කර කෞතුක භාණ්ඩද නිරීක්ෂණ කළේය.

    රටේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන් තහවුරු කර ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ද පසුගිය දා ප්‍රකාශ කර තිබිණි. ඒ යුද හමුදා ගුවන් සංක්‍රමණික බල සේනාවට වසර 25ක් සපිරීම සහ එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ දස වර්ෂාභිෂේකය නිමිත්තෙන් සංවිධාන කෙරුණු රණකාමීන්ගේ පා ගමනේ සමාප්ති උත්සවයට එක්වෙමිනි.

    Latest News