පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි වරට අද

ජූනි 06, 2019

    අප්‍රේල් 21 දින රටේ විවිධ ප්‍රදේශවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවැනි වරට අද(6) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

    ඒ අනූව, පෙ.ව. 11.00ට කාරක සභාවේ කටයුතු ආරම්භ වීමට නියමිතයි. කාරක සභාව හමුවේ සක්ෂි ලබාදීමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කැඳවා ඇතැයි කාරක සභාවේ සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

    ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා මීට පෙර දින කාරක සභාවේ සාක්ෂි ලබාදිමට කැඳවා තිබුණි.

    Latest News