දෙදෙනෙක්ට මරුකැදවූ කරදියනාරු මහරෑ රිය අනතුර

ජූනි 04, 2019

    කරදියනාරු, බදුල්ල - වෙන්කලඩි මාර්ගයේ සිදුවු අනතුරකින් තරුණයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ. අනතුර සිදුව ඇත්තේ ඊයේ(03) රාත්‍රී 10.00 ට පමණ.

    චෙන්කලඩි දෙසට ධාවනය වු යතුරුපැදියක් බළල් දිවියෙකුගේ ගැටීමෙන් පසු මාර්ගයෙන් පිටතට පැන තිබේ. අනතුරුව සංඥා කණුවක ගැටී අනතුරට ලක්වු යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනාම බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරිණ.

    චෙන්කලඩි රෝහලට ඇතුළු කිරීමේ දී රියදුරු මියගොස් සිටි අතර පසුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට ඇතුළත් කිරිමේ දී මිය ගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු කනපති නගර්, චෙන්කලඩි ප්‍ර‍දේශයේ පදිංචි පෙරුම්බරාජා ජේරුජන් හා වයස අවුරුදු 20 ක් වු ‍එම ලිපිනයේ ම පදිංචි ගෞවරීෂවරන් වීදූෂන් නැමැති තරුණයන් දෙදෙනෙක්. මෘත ශරීරයන් චෙන්කලඩි හා මඩකලපුව රෝහල්වල තැන්පත් කර තිබේ. කරදියනාරු පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

     

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 07:22

    Latest News