කල්වරි කිතුනු දේවස්ථාන ප්‍රහාරයෙන් ඥාණසාර හිමි නිදොස් වෙයි

මැයි 30, 2019

    2008 වසරේ මාලබේ, කල්වරි කිතුනු දේවස්ථානයට පහර දී අලාභ හානි සිදු කිරිමේ චෝදනාවෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව නීතිපති ගොනු කළ අභියාචනය, අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

    නීතිපතිගේ එම අභියාචනය අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අද විවෘත අධිකරණයේදී නිවේදනය කළේය.

    2008 වසරේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි කල්වරි නැමැති කිතුනු යාඥා මධ්‍යස්ථානයකට පහර දී අලාභහානි සිදු කළේ යැයි චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණ.දීර්ඝ නඩු විභාගයකින් පසුව 2017 වසරේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තිකාර ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියම කර කලේය.

    එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාවක් අභියාචනාධිකරණයේ ගොනුකරනු ලැබිණ. එම අභියාචනය ඉකුත්දා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබුණි. එම අභියාචනාධිකරණ තීන්දුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් විවෘත අධිකරණය ප්‍රකාශයට කෙරිණ.

    Latest News