මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නේ යැයි රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් රහස් විසින් සිදුකරන පරීක්ෂණයට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කිරීමෙන් පසුව අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් රවි කරුණානායක මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම සිද්ධියට අදාළව ඉදිරියේදී රවි කරුණානායක මහතාගෙන් සහ ඔහුගේ දියණියගේ ප්‍රකාශ ලබා ගැනීමට සැලසුම් කර ඇතැයිද රජයේ නීතිඥවරිය දන්වා සිටියේය. අනතුරුව පැමිණිල්ල ජුලි මස 29 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින එම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.