මිනුවන්ගොඩ කළහකාරී සිද්ධියේ තවත් 15කට ඇප

මැයි 29, 2019

    මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 15 දෙනෙකු මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    ඒ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. අත්අඩංගුවට ගත් තවත් සිව් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි, අධිකරණය අද නියෝග කළේ.සිද්ධියට සම්බන්ධ තවත් 30 දෙනෙකු මීට පෙර ඇප මත මුදාහැරීමටයි පියවර ගැනුණේ.

    අත්අඩංගුවට ගත් පිරිස මිනුවන්ගොඩ සහ කටාන යන ප්‍රදේශවල පදිංචිකරුවන්. නඩුව ජුලි 10 වැනි දින යළි කැඳවීමටයි, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්, කේසර සමරදිවාකර මහතා නියෝග කළේ.

    Last modified on බදාදා, 29 මැයි 2019 12:47

    Latest News