ආණමඩුව රිය අනතුරකින් STF නිලධාරියෙක් ජීවිතක්ෂයට

මැයි 28, 2019

    ආණමඩුව ප්‍රදේශයේ ඊයේ සවස සිදුවූ යතුරු පැදි අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ආණමඩුව,බංගදෙණිය මාර්ගයේ,පෙරමාකුත්තුව ප්‍රදේශයේ දී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවිය. බරපතල තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් එක් පැදිකරුවෙකු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්. 31 හැවිරිදි ඔහු ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 09:32

    Latest News