මෛත්‍රී ගුණරත්න: රිෂාඩ්ගේ විශ්වාසභංගය දේශපාලන ඩිල් එකක් ද ?

මැයි 24, 2019

    අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් එරෙහිව විශ්වාසභංග යෝජනවා ජයග්‍රාහණය කරවිමට ප්‍රධාන දේශපාලන පක්ෂ වල නායකයින් කටයුතු නොකරන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසයි.

    ඔහු එ බව කියා සිටියේ නාවලපිටිය වැවේගම උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

    අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව දේශපාලන ගනුදෙනුවක් බව ආණ්ඩුකාරවරයා කියා සිටියේය. අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් අමාත්‍යංශය පාඩු ලබන බැවින් ඔහු කිසිදු සේවයක් නොකරන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

    ගල්බොඩ අත්තේ ඥාණසාර හිමියන්ට පිරිනැමු පොදු සමාව තුලින් මෙරට භෞමික අඛන්ඩතාවය ඇති කිරිමට හා ජාතින් අතර සමගිය ඇති කිරිමට උක්වහන්සේ කටයුතු කල යුතු බව ඔහු පෙන්වාදුනී. මේ වසරේ මුලින්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත්, එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පසුව දැනුම් දෙන්නේ යැයි ඔහු කියා සිටියේය.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 16:08

    Latest News