එයාර් බස් ගනුදෙනුවේ දී සිදුවිණැයි කියන අක්‍රමිකතා විමර්ශනයට ජනපතිගෙන් නියෝග

පෙබ 02, 2020

    ගුවන් යානා මිලට ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු විණැයි කියන මූල්‍ය අක්‍රමිකතා ගැන විමර්ශනයක් කරන්නැයි ජනපති බලධාරින්ට නියෝග කර තිබේ.

    ජාතික ගුවන් සේවය, ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමග කළ ගනුදෙනුවේ දී ඇතැම් පුද්ගලයන් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තා අද (02) සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සහ ඊයේ (01) අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක පළව තිබිණ.

    මේ චෝදනා පිළිබඳව සෑම පැතිකඩක්ම ආවරණය වන පරිදි වහාම පූර්ණ පරීක්ෂණයක් කොට ප්‍රතිඵල තමා වෙත දැනුම්දෙන්නැයි මාධ්‍ය වාර්තා දුටු ජනාධිපතිතුමා නියෝග කළේය.

    Last modified on ඉරිදා, 02 පෙබරවාරි 2020 14:03

    Latest News