පාතාලයේ හා LTTE යේ හිටපු 13කට රැඳවුම් නියෝග

මැයි 24, 2019

    LTTE සංවිධානය යුද සමයේදී උතුරු නැගෙනහිර සුරක්ෂිතව වලලා ඇති අවි ආයුධ ගොඩගෙන දකුනේ පාතාල කල්ලි වලට අලෙවි කිරීමේ ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති හිටපු LTTE සාසාමාජිකයන් හා පාතාල කල්ලි සාමාජිකයන් ඇතුළු 13 දෙනා ජූලි 26 වනදා අධිකරණයේ නිරීක්ෂණයට ඉදිරිපත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    පසුගිය යුද සමයේදි LTTE සංවිධානය විසින් උතුරු නැගෙනහිර වලදමා ඇති ක්ලේමෝ බෝම්බ, ගිනි අවි හා ජීව අත්බෝම්බ ඇතුළු අවි ආයුධ ගොඩගැනිම සිදුකරන බව ආරක්ෂක අංශ විසින් තහුරු කර ගෙන ඇත. මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මොවුන් මාස දෙකකට ආසන්න කාලයක් රඳවා ගෙන සිටි. ඒ අනුව විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ අපරාද කොට්ඨාසයට නියෝග කළේය.

     

     

     

     

     

     

     

    Latest News