කුඩාඔය රිය අනතුරකින් 3ක් මරුට

මැයි 24, 2019

    වැල්ලවාය, ඌව කුඩාඔය ප්‍රදේශයේ කුඩාඔය ඒයාපෝට් මංසන්ධිය අසලදී අද (24) පස්වරුවේ සිදු වූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තිරෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

    අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් තණමල්විල මූලික රෝහලට ඇතුළුත් කර තිබේ. අනතුරින් පසු තුවාලකරුවන් කඩිනමින් තණමල්විල රෝහලට ඇතුළුත් කර නමුත් ඉන් තිදෙනෙකු ඒ වන විටත් මියගොස් සිටි බව තණමල්විල රෝහලේ ප්‍රකාශකයකු සදහන් කර සිටියේය.

    මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් විමර්ශන තණමල්විල පොලිසිය සිදුකරයි.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 15:43

    Latest News