ආරක්ෂාවට දරුවන් දෙමාපියන් පීඩාවක් බැහැ; එවැනි අනුමැතියක් දි නැහැ - ඇමති අකිල

මැයි 23, 2019

    පාසල් ආරක්ෂාව වෙනුවෙන් බෑග් ගෙන ඒම වැළැක්වීම හෝ ආදේශක මිලදී ගැනීමට දෙමාපියන් අපහසුතාවට පත්විමේ සිද්ධීන් සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අමාත්‍යංශ ලේකම් වෙත උපදෙස් දී තිබේ.

    පාසල් ආරක්ෂාව සම්බන්ධ කාරණාවේදි දරුවන් හා දෙමාපියන් අපහසුතාවට පත්වන සිද්ධි කිහිපයක් වාර්තාවි ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    ආරක්ෂක උපකරණ මිලදී ගැනීමට පාසල් දරුවන් හා මාපියන් අපහසුතාවට පත් කරමින් මුදල් එකතු කරන බවට ලැබි ඇති තොරතුරු පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු අවධානයට ලක්වි ඇත.

    පාසල් ආරක්ෂාවට උපකරණ මිලදී ගැනීමට හෝ බෑග් සම්බන්ධයෙන් කිසිදු උපදෙසක් හෝ අනුමැතියක් ලබා දී නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සිසුන් හා මාපියන් අපහසුවට පත්වන අයුරින් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා සිය ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

    පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරු, ගුරුවරුන් හා මාපියන්ගේ කැපවිම කෘතවේදීව සිහිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. එසේ තිබියදී පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පද්ධතිය තුළ අනවශ්‍ය ගැටලු නිර්මාණය වීම කණගාටුදායක බවත් ඔහු පෙන්වා දේ.

    දරුවන් හා මාපියන් අපහසුතාවයට පත් නොකරමින් ක්‍රියා කිරීම සියලු දෙනාගේ වගකීම බව අමාත්‍යවරයා අවධාරනය කරයි. සිසුන් හා මාපියන් අපහසුවට පත් කරමින් සිදුවන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ 1988 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටි.

     

     

     

     

     

     

     

    Latest News