අල්ලසට එරෙහි විශේෂ මහාධිකරණය අරඹයි...... ප්‍රථම නඩුව විශේෂඥ වෛද්‍යවරයෙකුට

මැයි 22, 2019

    බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය කිරීම සඳහා රජය මගින් පිහිටුවන ලද දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විමසීම් අද ආරම්භ කෙරිණ.

    විශේෂ මහාධිකරණයට පත් කෙරුණ ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රනරාජ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කොළඹ මහාධිකරණය අංක 1 ශාලාවේදී නඩු විමසීම ආරම්භ කළේය. කුලියාපිටිය මූලික රෝහලේ කායික වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ආර්.එම්.සී. තෙන්නකෝන්වෙල මහතා රුපියල් 75000/- ක අල්ලසක් ගැනීමේ චෝදනාව මෙහි පළමු නඩුව ලෙසින් අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරිණ.

    වෛද්‍යවරයා රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝග කළේය.

    2016 වසරේ ජුනි මස 01 වනදා සිට එම අගෝස්තු මස 31 වනදා දක්වා කාලසීමාව තුළ කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරමින් රෝගීන්ගේ රසායනාගාර වාර්තා ලබා ගැනීමේ කාර්යය පෞද්ගලික රසායනාගාරයක් වෙත ලබාදීමට මාසිකව රුපියල් 25000/- බැගින් ඉල්ලා රුපියල් 75000/- ක් ලබා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News