රුපියල් මිලියන 53 ක් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුව ඔක්තෝබර් 4 වනදා යළි කැඳවන ලෙස නියෝග කෙරේ.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය තීරණය කරයි.

බරපතළ මූල්‍ය වංචා පිළිබඳ නඩු විමර්ශනය කිරීම සඳහා රජය මගින් පිහිටුවන ලද දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු විමසීම් අද ආරම්භ කෙරිණ.

වංචා දූෂණ නාස්තිය සම්බන්ධයෙන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් මෙන්ම ඕනෑම කෙනෙකුට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු ගොනු කළ හැකි බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

දෙවන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද(14) විවෘත කරනු ලැබිණි. කොළඹ මහාධිකරණ අංක 1 ශාලාවේ මෙම මහාධිකරණය පිහිටුවා තිබේ.

බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉතා ඉක්මනින් ආරම්බ කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ පවසයි.

Latest News