ග්‍රෑන්ඩ්පාස් ආරවුලේ සුළ මුල හෙළිවෙයි

මැයි 22, 2019

    ග්‍රෑන්ඩ්පාස්, වෙහෙරගොඩැල්ල කම්බි තොටුව ප්‍රදේශයේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණ.

    මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ ඔරුගොඩපුර,වෙහෙරගොඩැල්ල,වැල්ලම්පිටිය පදිංචි මල්කාවතු කෝරලලාගේ සුග්ත ඉන්ද්‍රජිත් යන අයයි. මෙම ආරවුල ත්‍රීරෝද රථයක් විකිණීම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුව ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.


    මෙහි ප්‍රධාන සැකකරු වන ටෙනී ක්ලාස් යන අය ද කැපුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දැනට පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන පවතනු ලබයි.

    Last modified on බදාදා, 22 මැයි 2019 12:27

    Latest News