ලෝක මීමැසි දිනය අද

මැයි 20, 2019

    ලෝක මීමැසි දිනය අදයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සෑම වසරකම මෙම දිනය සමරනු ලබයි.

    විද්‍යාඥයින් පවසන්නේ, ලොව මීමැස්සන් වඳ වී ගියහොත් ඉන් වසර කිහිපයක් ඇතුළත මිනිස් වාසයෙන් තොරවන බවයි. මී මැස්සන් ලොව පරිසර සමතුළිතතාවයට ඉතා සංවේදීවීම ඊට හේතුවයි. මීමැස්සන් බඹරුන්ට සහ කුහුඹුවන්ට නෑකම් කියන සත්ත්ව විශේෂයක්. ලොව මීමැස්සන් වර්ග 7කට අයත් වන අතර, මීමැස්සන් වර්ග 16,000ක් සිටින බවටයි, වාර්තා වී ඇත්තේ. මීමැස්සන් වර්ග 16,000ක් සිටින බවටයි, වාර්තා වී ඇත්තේ.

    මීමැස්සන් ඇන්ටාක්ටිකාවේ හැර සියලුම මහද්වීපවල දක්නට ලැබේ. මීමැස්සන්ගෙන් ලබා ගන්නා මීපැණි ප්‍රෝටීන් සහ වෙනත් පෝෂද්‍රව්‍යවලින් යුක්ත වෙයි. මීපැමිණිවලට නිසි පරිදි අසුරා තැබුවහොත්, වසර 3,000ක් පමණ කාලයක් තබාගත හැකි බවයි, පැවසෙන්නේ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධාන පවසන්නේ, පසුගිය දශකය පුරා මීමැස්සන්ගේ ගහණය විශාල වශයෙන් පහළ ගොස් ඇති බවයි.

    Last modified on සදුදා, 20 මැයි 2019 10:40

    Latest News