ලෝකයම දැඩි අවදානමක

සැප් 21, 2022

    සමස්ත ලෝකයම දැඩි අවදානමක පවතින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

    රුසියාව, යුක්‍රේනය ආක්‍රමනය කිරීම නිසා ලොව රටවල් රැසක් බලපෑමට ලක්ව ඇති බවයි මහ ලේකම්වරයා කියා සිටියේ.  එහි සෘජු හා වක්‍ර බලපෑම් මේ වන විටත් ඇති කර තිබෙන බලපෑම ඉමහත්.

     නිව්යෝර්ක් නුවර පැවැත්වෙන මහා මණ්ඩල සැසිවාරයේදී මහ ලේකම්වරයා අවධාරණය කළේ, ගෝලීය ආහාර අර්බුදයක්ද උද්ගතවී ඇති බවයි.  සීතල යුද්ධයෙන් පසු නොදුටු ආකාරයේ විරසකයක් ලොව බලවත් රටවල් අතර පවතින බව ඔහු කියා සිටියා.   කෙසේ වුවද, රුසියා-යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උපරිමයෙන් ක්‍රියා කරමින් සිටිනවා. 

    මහ ලේකම්වරයා සිය දේශනය අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නෞකාවක් යුක්‍රේනයේ සිට ධාන්‍ය රැගෙන එන ඡායාරූපයක්ද ලෝක නායකයන් හමුවේ ඉදිරිපත් කළා. 

    මීට අමතරව, ස්ත්‍රී-පුරුෂ අසමානතාව, දරිද්‍රතාව, ආර්ථික අවපාතය වැනි අභියෝග රැසක් වත්මන් ලෝකය හමුවේ පැණනැගී ඇති බවයි ඔහු කියා සිටියේ.  තුර්කි ජනාධිපති රෙසප් තායිප් එ‍ර්ඩොගන්, ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු, නේටෝ ප්‍රධානි ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් සහ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන්ද සැසිවාරය ඇමතුවා.

     අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය දේශනය අද සිදු කිරීමට නියමිතයි.  කෙසේ වුවද, රුසියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා සැසිවාරයට සහභාගි නොවී සිය නියෝජිතයන් පමණක් යොමු කරවීම විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක් වුණා.

    Last modified on බදාදා, 21 සැප්තැම්බර් 2022 09:47

    Latest News