උඩවලව වාන් දොරටුවක් ඇරෙයි

නොවැ 09, 2018

    උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ රාත්‍රී විවෘත කෙරුණි.

    ඒ පවතින අධික වර්ෂාව හේතුවෙන්. ඒ අනූව, තත්පරයට ඝන අඩි 2300ක ජල ධාරිතාවක් වලවේ ගඟට මුදා හැරේ. වලවේ ගඟ දෙපස සිටින ජනතාවට මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

    තවදුරටත් වර්ෂාව ලැබුණහොත්, ඉතිරි වාන් දොරටු ද විවෘත කිරීමට සිදුවනු ඇති බවයි, ඇඹිලිපිටිය මහවැලි අධිකාරියේ කාර්යභාර ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා සඳහන් කළේ.

    මේ වන විට ජලාශයේ ජල මට්ටම අක්කර අඩි දෙදහසකින් ඉහළ ගොස් තිබේ.

    Latest News