update-දයාසිරි පැය 3කින් පසු DIG කාර්යාලයෙන් පිටව යයි (වීඩියෝ)

මැයි 18, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.

    ඒ කුලියාපිටිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. අද උදෑසන 9.30ට පමණ දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය. එහිදී පැය තුනහමාරකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු බවයි, අප වාර්තාකරු සඳහන් කළේ.

     

    දයාසිරි නි.පොලිස්පති කාර්යාලයට - පෙ.ව 10.00

    පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර බස්නාහිර  දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එහි පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

     

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 23:16

    Latest News