මෙම කාන්තාව විසින් කැනඩා රැකියා ලබාදෙන බව පවසා අම්පාර ප්රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 32ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි එම රැකියා ලබානොදුන් බවට කාර්යාංශයට සිදුකළ පැමිණිලි මත මෙම විමර්ශන ආරම්භ කෙරිණ.
කොලොන්නාව, විජය පාර, අංක 23 ලිපිනයේ පදිංචි පී.කේ. රේණුකා හර්ෂනි නම් මෙම සැකකාරිය විසින් අම්පාර ප්රදේශයේ රේණුකා එන්ටර්ප්රයිසස් නමින් ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් ද පවත්වාගෙන ගොස් ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවිය. මේ වන විට කාර්යාංශය මගින් එම රැකියා නියෝජිතායතනයේ බලපත්රය අත්හිටුවීමටද කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් ලද තොරතුරු අනුව ඇයගේ මෙම රැකියා ජාවාරමට සහය දැක්වූ ඇයගේ සැමියා වන ආර්.ඒ.ටිරාන් චතුරංග රණවිර නම් පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකිවී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර කම්කරු විනිශ්චය සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු සහකාර පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි, ප්රධාන පොලිස් පරික්ෂක අතුල පෙරේරා, පොලිස් පරික්ෂක පුෂ්පකුමාර යන නිළධාරින් විසින් මෙම පරික්ෂණ කටයුතු තවදුරටත් මෙහෙයවීම සිදුකෙරේ.