කැනඩා සිහිනය පෙන්වා මුදල් ගැරූ 02ක් කොටුවෙයි

මැයි 23, 2023

    කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින්, කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක් සහ කාන්තාවක් අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    400 කට වැඩි පිරිසක් ඔවුන්ගේ මෙම වංචාවට හසුව ඇති බවයි වාර්තා වන්නේ.  කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින්, රුපියල් ලක්ෂ 15 බැගින් මූල්‍ය වංචාව සිදුකර තිබෙනවා. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 6 වන මහලේ කලක සිට පවත්වාගෙන ගිය “ග්ලෝබල් ‍ප්‍රයිවට් ලිමිටඩ්” නමැති ආයතනය මගින් ‍කැනඩාවේ උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය සඳහා යවන බවට ප්‍රකාශ කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ. 

    වෛද්‍යවරුන්, පොලිස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ඉහළ පෙළේ රැකියාවල නියුතු වැඩි දෙනෙක් ද මෙම වංචාවට හසුව තිබෙනවා. සැකකාර පුද්ගලයා සහ කාන්තාව අද තලංම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත බාර දී තිබෙනවා.

    Latest News