දෙවුන්දරින් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් අතුරුදන් (වීඩියෝ)

මැයි 11, 2019

    දෙවුන්දරින් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සමඟ ධීවරයින් 05 දෙනෙකු අතුරුදන්වී ඇතැයි අප වාර්තාකරු පවසයි.

    ධීවර කටයුතු සඳහා එම යාත්‍රාව පිටත්ව ගොස් ඇත්තේ, පසුගිය 25 වැනිදා. දෙවුන්දරින් මුහුදු ගිය සුපුන් පුතා-2 ධීවර යාත්‍රාව සුළි කුණාටුවකට මැදිවීමෙන් පසු අතුරුදන්ව තිබේ. එහි ගමන්ගත් ධීවරයින් පස් දෙනා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව අප වාර්තාකරු පවසයි.

    මේ අතර, පසුගිය අප්‍රේල් 18 වැනිදා ධීවර කාර්මිකයින් 07 දෙනෙකු සමඟ ත්‍රිකුණාමලයෙන් මුහුදු ගිය රාජා-2 බහුදින ධීවර යාත්‍රාව ද සුළි කුණාටුවකට හසුවී තිබේ. ඔවුන් දින 3ක් මුහුදේ අතරමංව සිටි බව වාර්තාවේ. පසුව පැමිණි චම්පා-2 බහුදින යාත්‍රාවේ ධීවරයින් විසින් ඔවුන් බේරා ගෙන ඇත.

    දිවිගලවා ගත් පිරිසෙන් තිදෙනෙකු මාතර කෝට්ටේගොඩ ප්‍රදේශයේ වන අතර අනෙක් සිව්දෙනා ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන්.

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 23:14

    Latest News